🔗 ⚙️

Senpathiyan Gena from Rangana Rengum by Visharada Sadhana Ranatunga

Tracklist
8.Senpathiyan Gena3:14
Lyrics

Lyrics - Senpathiyan Gena

සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පති කමටයි නැව්පති කමටයි නමගිය සිංහල ආරේ
ගතිනෑරේ පුත ඒකයි ඔබ හට මේ ගැන එතරම් ආශා

මහ පඬිඳුන් ගැන මහ කිවිඳුන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬිරුවනට මහකිවිවරුනට තෝතැනි වූ ලක්දෙරනේ
හෙල පුතෙකුවැ ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් ආශා

හේන් කුඹුරු ගැන ගොපලුලියන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවිරජ දහනකි සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආශා

එඩිතර කම් ගැන බිය නැතිකම් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතර කමටයි බියනැති කමටයි පෙරසිට සුපතල හෙලයේ
ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ


Senpathiyan gena navpathiyan gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme

senpathi kamatai nevpathi kamatai namagiya sinhala aare
gathinere putha ekai oba hata mei gena etharam asha

Maha pandidun gena maha kivindun gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme

Maha pandiruwanata mahakiviwarunata thotheni vu lakderane
Hela puthekuwae oba ipaduna pinatai ei gena etharam asha

Hen kumburu gena gopaluliyan gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme

Etha epita sita goviraja dahanaki sobana siribara lanka
Govikama obatath uruma nisaven ei gena etharam asha

Edithara kam gena biya nethikam gena katha ahanakota amme
Mata hari asai mata hari asai ei aeyi mage honda amme

Edithara kamatai biyanethi kamatai perasita supathala helaye
Ipadunu oba thula ei gathi nethi nam ei nove pudumaya puthune

Credits
from Rangana Rengum, released November 8, 2011
 
Vocals: Visharada Sadhana Ranatunga, Oshada Chamith, Arun Sashika Ranatunga

Lyrics: Hubath Dissanayake

Music Composition: Professor Amara Ranatunga, Pulasthi Indika Ranatunga
LicenseAll rights reserved.
Tags
Recommendations